Sunday, May 19, 2024

General line - 0115112241

ඩයස්පෝරා සමුළුවකින් අගමැතිට ඇරයුම්!




අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ලබන 17 වැනිදා සිංගප්පූරුවේ නිල සංචාරයක නිරත වීමට නියමිතයි. මෙම සංචාරයේදී රනිල් වික‍්‍රමසිංහ මහතා , එරට ජනාධිපති ටෝනි ටැං සහ අග‍්‍රාමාත්‍ය ලී ෂීයෑන් ලූන්ග් යන මහත්වරුන් සමග සාකච්ඡා කරනු ඇති.

ලබන 17 සහ 18 යන දෙදින සිංගප්පූරුවේ පැවැත්වෙන තුන්වන දකුණු ආසියානු ඩයස් පෝරා සමුළුවේ ආරම්භක සැසිවාරයටද රනිල් වික‍්‍රමසිංහ මහතා සහභාගි වනවා. එහ මුඛ්‍ය දේශනය පවත්වනු ලබන්නේද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින්.