Sunday, May 19, 2024

General line - 0115112241

පෞද්ගලික රෝහල්වලින් VAT ඉවතට!




පෞද්ගලික සෞඛ්‍ය සේවය සඳහා පනවා තිබූ සියයට 15 වැට් බද්ද මුළුමනින්ම අහෝසි කර තිබෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සියලූම පෞද්ගලික රෝහල් බලධාරීන් වෙත ඊට අදාළ නියෝගය ඊයේ (14) නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අනුව පෞද්ගලික රෝහල් ගාස්තු , වෛද්‍ය ගාස්තු සහ වෛද්‍ය පර්යේෂණ වෙනුවෙන් අය කළ සියයට 15 වැට් බද්ද සම්පූර්ණයේ අහෝසි වනු ඇති.

දුරකතන ගාස්තු අඩුකර ගැනීම සඳහා අධිකරණමය කි‍්‍රයාමාර්ග ගැනීමට කටයුතු කරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා. එහි සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේ සංශෝධිත වැට් බද්ද කි‍්‍රයාත්මක නොකරන ලෙස අධිකරණ නියෝගයක් ලබාදී තිබුණද දුරකතන ගාස්තු මත අය කෙරුණු වැට් බද්ද තවමත් කි‍්‍රයාත්මක බවයි.