Tuesday, December 24, 2024

General line - 0115112241

වසර 26කට පසු අධි ආරක්ෂිත කාලපයේ ධීවර වරායන් 02ක් ගැන තීරණයක් ගනී




වසර 26ක් තිස්සේ අධි ආරක්ෂිත කලාපයක් ලෙස පැවති යාපනය අර්ධද්වීපයේ මයිලිට්ටි හා ඌරනි යන ධීවර වරායන් එහි මුල් පදිංචිකරුවන් වෙත යළි භාරදී තිබෙනවා.

ඒ, රජය මගින් ජනවාරී 8 සිට 15 දක්වා ප‍්‍රකාශයට පත්කර ඇති ජාතික සංහිඳියා සතිය කේන්ද්‍ර කර ගනිමින්. මෙම ප‍්‍රදේශය අධි ආරක්ෂිත කලාපයෙන් නිදහස් කර සාමාන්‍ය ජනතාවට මසුන් මැරීම සඳහාත් යළි පදිංචිවීම සඳහාත් වූ නිල නිවේදනය ඊයේ (14) ජනතාවට ඉදිරිපත් කළේ යාපනය ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක විසින්.

යාපනය දිස්ත‍්‍රික්කයේ ජනතාවට දැන් නිදහසේ සිය කටයුතු සිදුකරගෙන යාමට ඉඩ ප‍්‍රස්තාව විවර වී ඇති බවයි මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක මෙහිදී කියා සිටියේ.

වසර 26කට පසු සිය ගම් බිම්වලට පැමිණි ගම් වැසියන් කියා සිටියේ බොහෝ කලකට පසු තම ගම්මානයට පැමිණීමට ලැබීම අතිශය සතුටට කරුණක් බවයි.