ඒකාබද්ධ සේවා අධ්යක්ෂ ජනරාල් තනතුර සඳහා එන් යූ එන් මෙන්ඩිස් මහතා පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල්වරයෙකු ලෙස මේ වන විට සේවය කරන ඒ මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වනවා.
එස් අලෝක බණ්ඩාර මහතා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් තනතුරට පත් කිරීම හේතුවෙන් ඒකාබද්ධ සේවා අධ්යක්ෂ ජනරාල් තනතුර පුරප්පාඩු වුණා.