Wednesday, December 25, 2024

General line - 0115112241

නව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් කෙරේ




විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් තනතුරට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන චාමින්ද හෙට්ටිආරච්චි මහතා පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. 

ඔහු මේ වන විට ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස සේවය කර තිබෙනවා. 

විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ සේවය කරනු ලබන ඒ ජගත් ඩී ඩයස් මහතාගේ සේවා කාලය ලබන 31 වනදා අවසන් වීමට නියමිතයි. 

ඒ අනුව චාමින්ද හෙට්ටිආරච්චි මහතා ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කර තිබෙනවා.