පළාත්පාලන කොට්ඨාස සීමා නීර්ණ අභියාචනා කමිටුවේ අවසන් වාර්තාවට කමිටුවේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයා ද අද (16) අත්සන් තබනු ඇතැයි එහි සභාපති අශෝක පීරිස් විශ්වාසය පල කරනවා.
ඒ අනුව වාර්තාවේ සියලු අත්සන් සම්පූර්ණ වන බවයි නෙත් නිවුස් කළ විමසීමක දී ඔහු කියා සිටියේ. හෙට දිනයේ දී එම වාර්තාව පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆාට භාරදෙන බව ද ඔහු පැවසුවා.
පළාත්පාලන කොට්ඨාස සීමා නීර්ණයන් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ අභියාචනා සලකා බැලීම සඳහායි අදාළ කමිටුව පත් කෙරුණේ.
එහි අවසන් වාර්තාව මීට පෙර අවස්ථාවක ද පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍යවරයා වෙත භාරදීමට උත්සහ කෙරුණා. එහෙත් ඒ වනවිට ඊට අත්සන් තබා තිබුණේ කමිටුවේ සාමාජිකයින් පස් දෙනාගෙන් තුන් දෙනෙකු පමණයි.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් එම වාර්තාවට අත්සන් තබා තිබුණේ නැහැ. ඒ අනුව වාර්තාව භාරගත නොහැකි බවයි අමාත්‍යවරයා පැවසුවේ. පසු අවස්ථාවක දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයා ඊට අත්සන් තැබුවා.