රුපියල් ලක්ෂ 16 ක් වටිනා රන් බිස්කට් සමග ඉන්දීය ජාතිකයෙකු ගුවන් තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්රී ලංකාවේ සිට ඉන්දියාව බලා පිටත් වීම සඳහා කටුනායක ගුවන් තොටුපලට පැමිණ සිටි අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගැණුනා. අදාළ රන් බිස්කට්වල බර ග්රෑම් 300 ක් පමණ වනවා.
අත්අඩංගුවට ගත් පුද්ගලයා ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර නිරත ගමන් කරන්නෙක් බවයි විමර්ශනවල දී හෙලිව ඇත්තේ. ඒ අනුව රන් බිස්කට් ඉන්දියාවට ගෙනයාම ඔහු විසින් ජාවාරමක් ලෙස කලක් තිස්සේ සිදුකර ඇත්දැයි සැක පල වී තිබෙනවා. ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.