හම්බන්තොට ඉකුත්දා ඇති වූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ කෙරුණු විශේෂ මෙහෙයුමක දී ඔවුන් අත්අඩංගුවට ගැණුනු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්්පති ප්‍රියන්ත ජයකොඩි පැවසුවේ.
පුද්ගලයින් දෙදෙනෙකු අම්බලන්තොට දී අත්අඩංගුවට ගැණුනා. අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගැණුනේ වීරකැටිය ප්රදේශයේදීයි.
වීඩියෝ දර්ශන යොදා ගනිමින් මෙම පුද්ගලයින් හඳුනාගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.