Sunday, May 19, 2024

General line - 0115112241

සීගිරි අභය භූමියේ හෝටලයක් හදන්න ගිහින් මාට්ටු!




සීගිරිය අභය භූමියට අයත් මයිලත්තාව ග‍්‍රාම සේවා වසමේ රජයට අයත් ඉඩමක අනවසරයෙන් සංචාරක හෝටලයක් ඉදිකරමින් සිටි පුද්ගලයෙකු වනජීවි නිලධාරින් විසින් අත්අඩංගුවට ගැනුනා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ අත්අඩංගුවට ගැනුනු පුද්ගලයා අදාළ සංචාරක හෝටලයේ කළමනාකාරවරයා වන බවයි.

ඉදිකිරීම් සඳහා යොදා ගත් උපකරණ තොගයක්ද වනජීවි නිලධාරින් භාරයට ගෙන තිබෙනවා. වැටලීම සිදු කරන හෝටලයේ හිමිකරු එම ස්ථානයෙන් පලාගොස් ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු දඹුල්ල මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.