දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සඳහා රජය සමග නැවත වරක් සාකච්ඡා කරන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වන සෙල්වම් අඩෙක්කලනාදන් පවසනවා.
ඔහු ඒ බව පැවසුවේ දෙමළ රැඳවූවන් පිරිසකගේ සුවදුක් බැලීම සඳහා අනුරාධපුර බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදීයි.
දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවට ආණ්ඩුව මීට පෙර ප‍්‍රකාශ කළත් එම ප‍්‍රකාශ තවමත් ඉටු වී නොමැති බව ද මන්ත‍්‍රීවරයා මෙහිදී කියා සිටියා.