Saturday, May 4, 2024

General line - 0115112241

කෝලි තෙන්ඩුල්කාර්ගේ වාර්තාවක් සම කරයි




එක්දින තරග ඉතිහාසයේ දෙවන ඉණිම්වල දී වැඩිම ශතක සංඛ්‍යාවක් වාර්තා කර සචින් තෙන්ඩුල්කාර් තැබූ වාර්තාව සම කිරීමට විරාට් කෝලි සමත්ව තිබෙනවා.

ඒ, එංගලන්තයට එරෙහිව ඉන්දියාවේ පූනේහි පැවති තරගයේ දී ශතකයක් වාර්තා කිරීමත් සමගින්.

තෙන්ඩුල්කාර් සහ විරාට් කෝලි මේ වනවිට එම වාර්තාවේ සම තැන් ගෙන ඇත්තේ ශතක 17 බැගින් රැස් කර ගනිමින්.

එම සටහනේ තුන්වන ස්ථාන තිලකරත්න ඩිල්ෂාන්ට හිමිව තිබෙනවා. ඔහු දෙවන ඉණිම් 11 ක දී ශතක වාර්තා කිරීමට සමත් වුණා.

257799