Tuesday, September 17, 2024

General line - 0115112241

කූරගල පුදබිම යළි අනතුරේ




ඓතිහාසික කූරගල පුදබිමේ අනවසර ඉදිකිරීම් යළි ආරම්භ වී ඇති බව කල්තොට ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය බුදුගල සෝමරතන හිමියන් පවසනවා.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ පවතින මෙම පුදබිමේ ඇතැම් පිරිස් තාවකාලිකව නවතැන් ගෙන සිටින බවයි.

කූරගල පුදබිමේ පෞරාණික ස්ථාන මේ වනවිට විනාශයට පත්ව ඇති බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

වෙනත් පෞරාණික ස්ථාන සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක පුරාවිද්‍යාත්මක නීතිය මෙම ස්ථානයට ද වහා ක‍්‍රියාත්මක විය යුතු බවයි පූජ්‍ය බුදුගල සෝමරතන හිමියන් නෙත් නිවුස් වෙත වැඩිදුරටත් කියා සිටියේ.