පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමට එරෙහිව විරෝධය පළ කරමින් ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයින් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී මේ වන විට විරෝධතාවක නිරත වනවා.
කළු පටි පැළඳ ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වහා විසිරුවා හරින ලෙස සඳහන් කර ඇති පුවරුද ප‍්‍රදර්ශනය කරමින් ඔවුන් විරෝධතාවයේ නිරත වනවා.
ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක සහ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් ද මෙම විරෝධතාවට එක්ව සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.