Tuesday, December 24, 2024

General line - 0115112241

“නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට සියලු පාර්ශ්ව සහයෝගය දිය යුතුයි”




රට ඉදිරියට ගෙන යාමට නම් යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට සියලු පාර්ශ්ව සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර අද (16) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් විධායක ජනාධිපති ධූරය බොහෝ දුරට අහෝසි කෙරෙනු ඇති බවයි.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ස්විට්සර්ලන්ත සංචාරය පිළිබඳවද නලින් බණ්ඩාර මන්ත‍්‍රීවරයා මෙහිදි අදහස් පළ කළා.

එහිදී ඔහු පැවසුවේ “මහින්ද රාජපක්ෂ මහත්තයා ගියේ ස්වාසිලන්තයට. අපේ අගමැතිතුමා ගියේ ස්විට්සර්ලන්තයට. ස්වාසිලන්තය කියන්නේ ලෝකයේ වැඩිපුරම ඒඩ්ස් රෝගීන් ඉන්න රටක්. ස්විට්සර්ලන්තය කියන්නේ ලෝක ආර්ථිකය කළමණාකරනය කරන ප්‍රධාන බැංකු ගණනාවක් තියෙන මූල්‍ය රටක්. ස්වාසිලන්තයයි ස්විට්සර්ලන්තයයි හරියට ගිය ආණ්ඩුවයි මේ ආණ්ඩුවයි වගෙයි” යනුවෙනි.