ඉදිරියේදි මතු විය හැකි නියං තත්ත්වය හමුවේ පීඩාවට පත් වන ශ‍්‍රී ලාංකික ජනතාවට සහන සැළසිමට එක්සත් ජාතින්ගේ සංවිධානය සහ ඊට අනුබද්ධිත සියලු ආයතනවල සහාය ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශී‍්‍ර ලංකා නේවාසික නියෝජිත උනා මැකියුලේ පවසනවා.
ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සමග අද (16) පස්වරුවේ පැවති විශේෂ හමුවකදී ඇය මේ බව කියා සිටියා.
එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ තවත් නිලධාරීන් කිහිපදෙනෙකුද මෙම සාකච්ඡාවට එක්වුණා. වියළී කාලගුණයත් සමග මතුවිය හැකි නියං තත්ත්වයට රජයක් ලෙස මුහුණදෙමින් ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය එම නියෝජිත පිරිසේ ඇගයීමට ලක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ශී‍්‍ර ලංකාවට මුහුණදීමට සිදුවන ආපදා තත්ත්වය පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රජාවගේ අවධානය යොමු කර පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා ලබා ගත හැකි සෑම සහයක්ම ලබාදීමට මැදිහත් වන බවද එම නියෝජිත පිරිස ජනාධිපතිවරයා හමුවේ ප‍්‍රකාශ කළා.