Tuesday, September 17, 2024

General line - 0115112241

වැස්ස නැතත් නල ජලය දිගටම..! සමහර තැන්වල දැනටත් සීමා කරලා…




වැසි රහිත කාලගුණික තත්ත්වයක් පැවතියද කිසිදු ගැටලූවකින් තොරව අඛණ්ඩ පානීය ජල සැපයුමක් ලබාදිය හැකි බව ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. එහි සභාපති කේ ඒ අන්සාර් පැවසුවේ දිවයිනේ තෝරාගත් ප‍්‍රදේශ කිහිපයක ගැඹුරු නළ ළිං සකස් කිරීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි.

පවතින වැසි රහිත කාලගුණික තත්ත්වය සහ ඒ හේතුවෙන් මතුව ඇති ගැටලූ පිළිබද දැනුම්දිම සදහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අද (18) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව කියාසිටියා. කළු ගගේ ජල මට්ටම සීග‍්‍ර ලෙස පහත බැසීම නිසා මේ වනවිට කළු ගගට මුහුදු ජලය මිශ‍්‍රවීමේ අවදානමක් පවතිනවා. එම නිසා කළුතර ඇතුළු ප‍්‍රදේශ කිහිපයක ජල සැපයුම සීමා කර ඇති බවයි කේ ඒ අන්සාර් පැවසුවේ.

කෙසේවෙතත් එම වැසියන්ටද බවුසර් මගින් පානිය ජලය ලබාදෙන බවද ඔහු අවධාරණය කළා. මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාලද අදහස් දැක්වුවා. ඔහු කියාසිටියේ ලබන මැයි මාසය වන තෙක් මෙම වියළි කාලගුණික තත්ත්වය පැවතිය හැකි බවයි.