Wednesday, December 25, 2024

General line - 0115112241

මහින්දගේ ආරක්‍ෂාව වෙනුවෙන් සජබයෙන් ප්‍රකාශයක්



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්‍ෂාවට යොදවා සිටි නිලධාරීන් අඩු කිරීම සම්බන්ධයෙන් තවදුරටත් විවිධ අදහස් පළ වනවා. 

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පැවසුවේ වත්මන් තත්ත්වය හමුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්‍ෂාව පිළිබඳ රජයට වගකීමක් ඇති බවයි.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා.

කෙසේවෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්‍ෂාවට යොදවා සිටි නිලධාරීන් අඩු කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව එල්ල කරන චෝදනාවලට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සූරවීර මහතා දැක්වූයේ මෙවන් අදහසක්.