Tuesday, September 17, 2024

General line - 0115112241

සැකකරු ගැන තොරතුරක් දුන්නොත් පොලිසියෙන් තෑග්ගක්




කුරුණෑගලදී ඉකුත් දා සිදුවූ උප පොලිස් පරීක්ෂක ඝාතනයේ සැකකරුවෙකු හඳුනා ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.

මෙම සැකකරු එකිනෙකට වෙනස් තොරතුරු සහිත ජාතික හැඳුනුම්පත් දෙකක් භාවිත කර ඇති බවයි මූලික විමර්ශනවලින් හෙළි වී ඇත්තේ.

එක් ජාතික හැඳුනුම්පතක ඔහුගේ නම කන්දෙ ගෙදරලාගේ චමිල මධුෂංක ලෙස ද, උපන්දිනය 1980 වසරේ අගෝස්තු 30 වෙනිදා ලෙස ද සඳහන් වනවා.

අනෙක් ජාතික හැඳුනුම්පතෙහි ඔහුගේ නම සඳහන්ව ඇත්තේ ජාලන් කණ්ඩම්බි චමින්ද ලෙසයි. උපන්දිනය ලෙස 1981 වසරේ අගෝස්තු 30 වෙනිදා සඳහන් වනවා.

මෙම සැකකරුගේ ඡායාරූපයක් පහතින් දැක්වෙන අතර ඔහු අත්අඩංගුවට ගැනීමට නිවැරදි තොරතුරක් ලබාදෙන්නෙකුට විශේෂ ත්‍යාගයක් ද පිරිනමන බව පොලිසිය පවසනවා.

id 01 id 02