උදා වූ නත්තල සමරමින් ලොව පුරා විශේෂ නත්තල් දේව මෙහෙයක් සංවිධාන කර තිබුණා. ඒ, ලක්ෂ සංඛ්‍යාත කිතුනු බැතිමතුන්ගේ සහභාගිත්වයෙන්.
කාගෙත් අවධානය දිනූ ප්‍රධාන දේව මෙහෙය පැවැත්වුණේ රෝමයේ වතිකානුවේ පිහිටි ශාන්ත පීතර බැසිලිකාවේදීයි.
ඒ, ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සහභාගිත්වයෙන්. මෙවර එහි විශේෂත්වය වුණේ පාප් වහන්සේ විසින් 2025 වසර විශේෂ ජුබිලි වර්ෂයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමයි.
ඒ, ශාන්ත පීතර බැසිලිකාවේ ශුද්ධ වූ දොර විවර කරමින්. මෙලෙස ජුබිලි වර්ෂයක් ප්‍රකාශයට පත් කෙරුණේ වසර 25කට පසු පළමු වරටයි. ඒ අනුව ලොව පුරා මිලියන 30කට අධික වන්දනාකරුවන් පිරිසක් ශුද්ධ වූ දොර හරහා ගමන් කරනු ඇති බව අපේක්ෂා කෙරෙනවා.
ශුද්ධ වූ දොර හරහා ගමන් කර ඔවුන්ගේ පව්වලට සමාව ලබා ගැනීම එහි අරමුණ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඊයේ රාත්‍රියේ ආරම්භ වූ මෙම ජුබිලි වර්ෂය 2026 ජනවාරි මස 06 වනදා අවසන් වීමට නියමිතයි.
මෙම චාරිත්‍රය පළමුවරට සිදු කර ඇත්තේ 1450 වසරේදීයි. අවසන් වරට ශුද්ධ වූ දොර, සාමාන්‍ය ජුබිලි උත්සවයක් සඳහා විවෘත කර තිබුණේ 2000 වසරේදීයි.
ඒ, ශාන්ත ජෝන් පාවුලු පාප් වහන්සේ විසින්.