Tuesday, September 17, 2024

General line - 0115112241

රතන හිමි මන්ත්‍රි ධූරයෙනුත් නිදහස් විය යුතුයි




පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ස්වාධීන වීමට ගත් තීරණය වඩා අර්ථවත් වීමට නම් උන්වහන්සේ තමන් දරන මන්ත‍්‍රී ධුරයෙන් ද නිදහස් විය යුතු බව ජාතික හෙළ උරුමයේ හිටපු නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.

උන්වහන්සේ ඒ බව පැවසුවේ කළුතර පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.

එහිදී වැඩි දුරටත් ප්‍රකාශ කෙරුණේ “රතන හාමුදුරුවන්ගේ ස්වාධීනත්වය ගැන පියවර අගය කරනවා. ඒ ස්වාධීන වන්නේ යහපත් පරමාර්ථයක් මුල් කරගෙනයි. ඒ රටට හානිදායක තත්ත්වයන්ගෙන් වලක්වා ගන්නයි. හැබැයි ඒ පියවර සාර්ථක වෙන්නේ තමන් දරන මන්ත්‍රිධූර ආධියෙනුත් නිදහස් වෙලා ස්වාධීන වීමෙනුයි. එසේ නොවුන හොත් ස්වාධීනත්වය කියන අර්ථය නිසි ලෙස අර්ථවත් වෙන්නෙ නැහැ.” යනුවෙනි.