Tuesday, September 17, 2024

General line - 0115112241

එදා මහින්ද කියූ දේවල් අද එජාපය කරනවා




ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයෙන් එහා ගිය බලය බෙදීමකට මේ වන විට සාකච්ඡා කෙරෙමින් ඇතැයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අද (18) මාධ්‍ය හමුවේ පිළිගත්තා.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය දැන් ඉටු කරමින් සිටින්නේ මීට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කියූ දේවල් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

බලය බෙදීමක් සිදුකළ ද කිසි විටෙකත් රට බෙදීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු නොකරන බවද අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මෙහිදී අවධාරණය කළා.