Wednesday, December 25, 2024

General line - 0115112241

ඕමන්ත කඳවුර ඉවත් කළේ නැහැ




ඕමන්තේ හමුදා කඳවුර ඉවත් කර ඇතැයි ඇතැම් මාධ්‍යයන් පළ කර ඇති වාර්තා හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න ප‍්‍රතික්ෂේප කරනවා.

කැබිනට් තීරණ දැනුම් දීම සඳහා අද (18) පැවැත් වූ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඔහු මෙම මාධ්‍ය වාර්තාවන්ට ප‍්‍රතිචාර දැක්වූවා.

එහිදී ඔහු සඳහන් කළේ “එහෙම කිසිම ඉවත් කිරීමක් සිදු වෙලා නැහැ. කඳවුර පවතින ප්‍රදේශයේ සිවිල් ජනතාව විසින් ඔවුන්ගේ ඉඩම්වල අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නයක් පැන නැගිලා තිබුණා. ඒක හමුදාවට විසඳන්න බැහැ. ඒ නිසා ඒ ඉඩම් අයිති පුද්ගලයන් සිටි නම් ඔවුන්ට ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා ඒ ඉඩම් වව්නියාව දිසාපති වෙත භාර දීමට කටයුතු කළා. නමුත් ඕමන්ත කඳවුර එතනින් ඉවත් කිරීමක් සිදු වෙලා නැහැ.” යනුවෙනි.