ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කරන ටොප් ටෙන් හෙළිදරව්වේ හයවැන්න අද (18) මාධ්‍ය වෙත හෙළිකළා.
ඒ, ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමට ඉකුත් රජය සමයේ ඇණවුම් කර තිබූ එයාර් බස් 350 ගුවන් යානා ප‍්‍රතික්ෂේප කිරීමට අදාළවයි.
මේ හේතුවෙන් රජයට රුපියල් බිලියන 150 ක පමණ අලාභයක් සිදුව ඇති බවටයි මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය කෙරුණේ.
මෙම මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ටොප් ටෙන් හෙළිදරව්ව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
“ජනවරමට පටහැනිව යන්න ගිහින් ආණ්ඩුවේ දත් ටික ගැලවෙනවා. ඉතින් අපි දැනුත් ආණ්ඩුවට කියන්නේ මේ මහා දූෂින නවත්වන්න කියලයි. අපි 10 වෙනි පැමිණිල්ල වන තෙක් කරගෙන යනවා.”
හය වැනි පැමිණිල්ල ඉදිරිපත් කරමින් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩලයට මෙහිදී චෝදනා එල්ල කළා.