ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධව ඇති වෙමින් පවතින ධනාත්මක ප‍්‍රගතිය පිළිබඳ සතුට පළ කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ ජනතාවගේ සියලූ හිමිකම් ආරක්ෂා කෙරෙන හා තහවුරු කෙරෙන වැඩපිළිවෙළ ස්ථාවරව ඉදිරියට ගෙන යනු දැක්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ අපේක්ෂාව බවයි.
ඔහු මෙම අදහස් පළ කළේ ඩාවෝස් නුවර ලෝක ආර්ථික සමුළු කේන්ද්‍රස්ථානයේදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු පිරිස හමුවීමෙන් අනතුරුවයි.
එහිදී සෙයිද් අල් හුසේන් කුමරු ප‍්‍රකාශ කර ඇත්තේ යුද්ධය හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ සිත් සුවපත් කරලීම සම්බන්ධයෙන් ද ශ‍්‍රී ලංකා රජයේ අවධානය යොමුව තිබීම වැදගත් කරුණක් බවයි.