Thursday, December 26, 2024

General line - 0115112241

ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට පවරා දුන්නොත් ජාතික ආරක්ෂාවටත් තර්ජනයක්




ත්‍රිකුණාමලය වරාය ඉන්දියාවට පවරාදීම ජාතික ආරක්ෂාවට ද තර්ජනයක් බව පාර්ශ්ව කිහිපයක් පෙන්වා දෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසුවේ රටේ තිබෙන වටිනාම සම්පත් විකුණා මේ මොහොතේ පවතින අර්බුද වලට මුදල් සොයා ගැනීම වර්තමාන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වී ඇති බවයි.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ආරක්ෂක විශේෂඥයෙකු වන විශ්‍රාමික කර්නල් සුසන්ත සෙනෙවිරත්නගෙන් ද විමසීමක් කළා. ඔහු පැවසුවේ ත්‍රිකුණාමල වරායේ ඇති වැදගත්කම ශ්‍රී ලංකාව තවමත් හඳුනාගෙන නොමැති බවයි.

ඉන්දියාව ත්‍රිකුණාමල වරාය සම්බන්ධයෙන් ඉතිහාසය පුරාම ඉතා අවධානයෙන් පසුවූ බවද මෙහිදී සිහිපත් කෙරුණා.

ත්‍රිකුණාමල වරාය සංවර්ධන කටයුතු සදහා ඉන්දියාවට පවරා දීමට සාකච්ඡා කෙරෙන බව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ද ප්‍රකාශ කර තිඛෙනවා.

ඔහු ඒ බව ප්‍රකාශ කර තිඛෙන්නේ ද හින්දු පුවත්පත සමග සාකච්ඡාවකදීයි.