මාස 6ක් පුරා වැසි නොලැබුණත් විදුලි කප්පාදුවක් සිදු නොකරන බවට ආණ්ඩුව නැවත සහතික වනවා.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ විදුලි බිල වැඩි කිරීමක් ද සිදුනොකරන බවයි.
විදුලිය ඉතිරි කරන පාරිභෝගිකයින් සඳහා ත්‍යාග ලබාදීමේ වැඩපිළිවෙළක් ද සකස් කර ඇතැයි මෙහිදී ප්‍රකාශ කෙරුණා.
සාමාන්‍ය විදුලි බල්බ වෙනුවට එල්.ඊ.ඩී. බල්බ නොමිලේ ලබාදීමට ඉදිරිපත් වී ඇති යෝජනාව ද කඩිනමින් ක්‍රියාවට නැංවීමට කටයුතු කෙරෙමින් ඇතැයි අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මෙහිදී කියා සිටියා.