ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව 2015ට සාපේක්ෂව 2016දී ආසන්න වශයෙන් ලක්ෂ 2කින් වැඩි වී තිඛෙන බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් පවසනවා.
2015ට සාපේක්ෂව 2016දී ඡන්ද දායකයින් වැඩිම පිරිසක් වැඩි වී තිඛෙන්නේ ද ගම්පහ මැතිවරණ කොට්ඨාසයෙන්.
එම සංඛ්‍යාව විසිහතර දහසකට ආසන්න වනවා.
ඡන්ද දායකයින්ගේ අඩුම අඩුවීමක් තිඛෙන්නේ ත්‍රිකුණාමලය මැතිවරණ කොට්ඨාසයේයි. එම සංඛ්‍යාව තුන්දහසකට ආසන්නයි.
මේ අතර ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ සඳහා භාවිතයට ගැනෙන්නේ ද මෙම ඡන්ද හිමි නාමලේඛනය බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් කියා සිටියා.