පාසල් දරුවන් අතර සමාජ රෝග පැතිර යාම වේගවත් වීමේ අවදානමක් ඇතැයි අනතුරු ඇඟවෙනවා.
අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය පවසන්නේ තහවුරු කළ දත්තවලින් මෙන්ම සිය අත්දැකීම්වලින් ද මෙම අනතුර පිළිබද ඇඟවීමක් කෙරෙන බවයි.
එම අනතුර වළක්වා ගැනීම සඳහා දරුවන්ට විධිමත් ලිිංගික අධ්‍යාපනයක් ලබාදිය යුතු බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
දරුවන්ගේ චර්යාවන් පිළිබද මව්පියන් සහ ගුරුවරුන් වඩා විමසිලිමත් වීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරුණා.