නියඟය නිසා පීඩාවට පත්වූවන්ගේ සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 10 ඉක්මවා තිඛෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවලට අනුව නියඟය නිසා බලපෑමට ලක්ව ඇති
දිස්ත්‍රික්ක ගණන 18ක්. පීඩාවට පත්වූවන්ගේ මුළු සංඛ්‍යාව දස ලක්ෂ හතළිස් එක්දහස් හයසිය අනූ දෙනෙකු වනවා.
නියඟය නිසා සෘජු ලෙසම පීඩාවට පත්වූවන් මෙන්ම නියඟය නිසා ඇති වූ වනාන්තර ගිනිගැනීම්වලින් පීඩාවට පත්වූවන් ද මේ අතර වනවා.
කෙසේ වෙතත් ප්‍රදේශ කිහිපයකට ඊයේ සිට වැසි ලැබීමට පටන් ගෙන තිඛෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
හෙට සිට මෙම වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බවද ප්‍රකාශ කෙරුණා.
පැවති නියඟය නිමා කරමින් බදුල්ලට ද ඊයේ සිට මහවැසි ඇදහැලෙමින් තිඛෙනවා.