Thursday, December 26, 2024

General line - 0115112241

ජලය රැස්කරන බඳුන්වලත් මදුරුවන් බෝ වීමේ අවදානමක්




නියඟයට මුහුණදීම සඳහා ජලය රැස්කර තබාගන්නා භාජනවල ඩෙංගු මදුරුවන් බෝවිය හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

මේ නිසා එම භාජන නිසි ලෙස නඩත්තු කළ යුතු බවයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර අවධාරණය කළේ.

මෙම වසරේ ගත වූ දින 20 තුළ පමණක් ඩෙංගු රෝගීන් 2500කට වැඩි පිරිසක් හඳුනා ගැනුණු බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කිරීම සඳහා ලබන 24 වෙනිදා රාජ්‍ය ආයතනවල විශේෂ පිරිසිදු කිරීමේ දිනයක් ප්‍රකාශ කර ඇතැයි ද මෙහිදී සිහිපත් කෙරුණා.

තමන් වැඩ කරන පරිශ්‍ර පිරිසිදු කරගැනීම සඳහා එදින අනිවාර්යයෙන්ම කටයුතු කරන ලෙසයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර ඉල්ලා සිටියේ.