මිනුවන්ගොඩ යටියන ප්රදේශයේ හෝටලයක කාමරයක් තුළ තිබී සැක කටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මල සිරුරක් සොයා ගෙන තිබෙනවා. ඒ, මිනුවන්ගොඩ පොලිසියට ලද තොරතුරකට අනුවයි.
මියගොස් ඇත්තේ සංචාරක මගපෙන්වන්නෙකු ලෙස කටයුතු කළ ගාල්ල දඩල්ල ප්රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි අයෙකු බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
මෙම පුද්ගලයා කාන්තාවක් සමග ඊයේ (20) රාත්රියේ අදාළ හෝටලයට පැමිණ එහි නවාතැන් ගෙන ඇති බව ද පොලිස් පරීක්ෂණවල දී අනාවරණ වී තිබෙනවා.