ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණයේ අසාර්ථක භාවය ලෝක ආර්ථික දර්ශක අනුව ද පැහැදිලි වන බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් අද (21) පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා.
ආණ්ඩුව විවිධ පාර්ශවයන්ට මෙන්ම මාධ්‍ය උපකරණවලට ද බියවී සිටින බව මොහොමඩ් මුසම්මිල් මෙහිදී සඳහන් කළා.
මේ අතර ජාතික නිදහස් පෙරමුණේ විශේෂ මහ සමුළුවක් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී හෙට (22) පැවැත්වීමට නියමිතයි.
එහි විශේෂ ආරාධිතයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
එම මාධ්‍යහමුව පහතින් බලන්න