Thursday, December 26, 2024

General line - 0115112241

පොලිස් නිලධාරියෙක් වෙඩි තබා ගනී




අම්පාර මංගලගම ප‍්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකු තවත් නිලධාරියෙකු සතුව තිබූ ගිනි අවියකින් වෙඩි තබාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි සඳහන් කළේ තුවාල ලැබූ පොලිස් නිලධාරියා ගොනාගොල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා අම්පාර රෝහල වෙත මාරුකර යවා ඇති බවයි.

වෙඩි තබාගත් පොලිස් නිලධාරියා මංගලගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ අයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක‍්‍රියාත්මකයි.