Thursday, December 26, 2024

General line - 0115112241

මහින්ද සමග මහඇමතිවරුන්ගේ සාකච්ඡාව අවසන්




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ පළාත් ප‍්‍රධාන අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක් කොළඹ දී අද (22) පෙරවරුවේ පැවැත්වුණා.

ඊට මහ ඇමතිවරුන් හය දෙනෙකු සහභාගී වී සිටි බවයි දේශපාලන ආරංචි මාර්ග කියා සිටියේ.

උතුරුමැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මෙම හමුවට සහභාගී වී සිටියේ නැහැ.

අත්‍යවශ්‍ය කටයුත්තක් හේතුවෙන් තමන් ඊට සහභාගී නොවන බව උතුරුමැද පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා දැනුම් දීමක් කර තිබුණා.

ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වී තිබුණා.