Thursday, December 26, 2024

General line - 0115112241

“හිත එක්තැන් කරගන්න බැහැ” – භික්ෂුණීන් වහන්සේ නමක් මාරාන්තික උපවාසයක




වත්මන් රජය වහා ඉල්ලා අස්විය යුතු බවට බල කරමින් භික්ෂුණීන් වහන්සේ නමක් මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ ප‍්‍රධාන වාහල්කඩ ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

අද (22) අලුයම සිට මෙම භික්ෂුණීන් වහන්සේ මෙලෙස උපවාසයේ නිරත වන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

කෙසේ වෙතත් අදාළ භික්ෂුණීන් වහන්සේ තම අනන්‍යතාව හෙළි කර නැහැ. තමන් ආරම්භ කළ උපවාසය සම්බන්ධයෙන් භික්ෂුණීන් වහන්සේ මෙලෙස අදහස් දැක්වූවා.

“පවතින රජය සිය කැමැත්තෙන් ඉල්ලා අස්වන තුරු මේ මාරාන්තික උපවාසය නවත්වන්නේ නැහැ. මේ පවතින රජය තම හිතුමනාපෙට කටයුතු කරනවා. මේ මහපොළොවට ආදරය කරන බෞද්ධයෙක් විදිහටත් සිංහල ජාතිය විනාශ වෙනවා ඉවසන්න බැරි කමටයි මෙහෙම ඇවිත් වාඩි වෙලා ඉන්නෙ.”

තමන් දීර්ඝ කාලයක් වනගතව භාවනා යෝගීව සිටි බවත් අවසානයේ ආණ්ඩුවට එරෙහිව මෙම මාරාන්තික උපවාසය ආරම්භ කළ බවත් මෙම භික්ෂුණීන් වහන්සේ ප‍්‍රකාශ කළා.

එහිදී “මේ රට විනාශ වෙනවා කියලා මගේ හිතට දැනෙන්න ගත්තට පස්සෙ මට භාවනා කරන්න බැරි තත්ත්වයක් උදා වුණා. මම ගොඩක් උත්හස කළා යළිත් හිත එකඟ කරගෙන භාවනා කරන්න.. එහෙත් බැරි වුණා. මම දේශපාලනයට කිසිම සම්බන්ධයක් නැහැ. දැන් මගේ මාර්ගය වෙනස් වෙලා තියෙන්නෙ.” යනුවෙනි.

vlcsnap-2017-01-22-10h24m46s246 vlcsnap-2017-01-22-10h25m11s225