Thursday, December 26, 2024

General line - 0115112241

මැදගම බැංකුවක මුදල් කොල්ලයක්




බිබිල, මැදගම නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවෙන් කොල්ලකෑ මුදල රුපියල් පනස් හත් ලක්‍ෂ හැත්තෑ පන්දහස් අට සියයක් බව තහවුරු කර ගෙන තිබෙනවා.

මෙම කොල්ලයට පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ ඇති බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

ඔවුන් බැංකුවේ පිටුපස යකඩ ගි‍්‍රල් සහිත ජනේලයක් ගලවා බැංකුව තුළට ඇතුළුවී ඇතැයි පොලීසිය පවසනවා.

සැකකරුවන් විසින් සොරාගෙන ගොස් ඇත්තේ බැංකුවේ ඒ ටී එම් යන්ත‍්‍රයේ තිබූ මුදල් බවයි මූලික පරීක්‍ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

ඊයේ (21) රාතී‍්‍ර 9.45 ට පමණ මෙම කොල්ලය සිදුවී තිබෙනවා.