Thursday, December 26, 2024

General line - 0115112241

මහින්ද හමුව ගැන මහඇමතිවරු හා මහින්ද පිල මත දෙකක




හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මහඇමතිවරුන් අතර අද (22) පැවති සාකච්ඡාවේදී උණුසුම් වාදවිවාද ඇති වී තිබෙනවා.

සාකච්ඡාවට එක් වූ මහඇමතිවරුන් පවසන්නේ අද (22) පැවති හමුව සාර්ථක වූ බවයි.

කෙසේවෙතත් ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැම් පාර්ශව ප‍්‍රකාශ කළේ සාකච්ඡා අසාර්ථක බවයි.

මෙම සාකච්ඡාවට එක්වූ මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මෙලෙස අදහස් දැක්වූවා.

“වාද විවාද නොගියා නොවෙයි , තර්ක විතර්ක නොකලා නොවෙයි , ඒ සියල්ල ඒ විදියට සාකච්ඡා කරලා අපි අදින් අවසන් කළේ නැහැ. දැනට අපි එකඟතාවයකට ආවේ නැහැ නමුත් ඉතාම සතුටු සාමිච්චි සාකච්ඡාවක් බවට අවසානයේ පත්වුණා”.

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ගාමිණී ලොකුගේ පැවසුවේ සාකච්ඡා අසාර්ථක බවයි.

“කිසිම සාර්ථකත්වයක් නැහැ. මොකද මේ කතාකරන්න ආපු අයට බලයක් නැහැනේ. සාකච්ඡාවක් සාකච්ඡා වෙනවනම් ජනාධිපතිතුමා මැදිහත් වෙන්න ඕනේ. අපි ඒක තේරුම් කළා තමුන්නාන්සේලා අපි එක්ක සාකච්ඡා කළාට , තමුන්නාන්සේලාට බලයක් නැහැ තීන්දුවක් ගන්න. අපි සුහදව සාකච්ඡා කළා. අපි ඒ පණිවුඩය එයාලට කිවුවා”.

බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රයද මාධ්‍ය හමුවේ මෙලස අදහස් පළ කළා.

“සාකච්ඡාව ගැන ඉතාම සතුටුයි. සාකච්ඡාවෙන් , සම්මුතිවාදයෙන් එකමුතුවෙලා ගමනක් යන්න පුළුවන්. වාද විවාද එනවා එහෙම නැතුව යන්න බැහැ මොකද කණ්ඩායම් දෙක අතරේ පොඩි පොඩි දේශපාලන මතගැටුම් නිර්මාණය වෙලා තිබුණා පහුගිය කාලේ. නමුත් ඒවා හදාගෙන ඉස්සරහට ගමනක් යන්න පුළුවන් වෙයි. අපි විශ්වාස කරනවා ඒ පැත්තෙන් ධනාත්මක පිළිතුරක් අපිට ලැබෙයි කියලා”.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන අද පැවති සාකච්ඡාව පිළිබඳ පළ කළේ මෙවන් අදහසක්.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් , එක්සත් ජනතා නිදහස් සන්ධානයටත් ඇතිවෙලා තියෙන කෙණහිළිකම් , ප්‍රතිපත්ති විරෝධී ක්‍රියාමාර්ග යනාදිය පිළිබඳ ඉතා පුළුල් ලෙස සංවාදයක් මහඇමතිවරු හා අපි අතර ඇතිවුණා. ඒ සාකච්ඡා වළින් පස්සේ තවත් සාකච්ඡා වලට ඉඩ තියාගෙන වෙන්වෙලා ගියා”.

අද පැවති සාකච්ඡාවේ සාර්ථක අසාර්ථක භාවය පිළිබද මාධ්‍යවේදීන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් විමසීමක් කළා. ඔහුද ඊට ස්ථිර පිළිතුරක් ලබාදුන්නේ නැහැ.

පෙරවරු 8.10 ට පමණ ආරම්භ වූ මෙම සාකච්ඡාව පැවැත්වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කොළඹ පිහිටි නිවසේදීයි.

IMG_7782 IMG_7788 IMG_7789 IMG_7790 IMG_7801 IMG_7803 IMG_7814 IMG_7818 IMG_7824 IMG_7830 IMG_7831 IMG_7843 IMG_7849 IMG_7874 16114189_10153990362856467_613751220381882774_n 16114013_10153990363611467_4596064721144631941_n