මහ බැංකුවේ සිටින නිලධාරීන් කිහිප දෙනෙකු රටේ ආර්ථිකය කඩාකප්පල් කිරීමට උත්සාහ දරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා . එම නිලධාරින්ගේ නම් ඉදිරියේදී හෙළිදරව් කරන බවද මුදල් අමාත්‍යවරයා සදහන් කළා.
ඒ පාර්ලිමේන්තුවෙදී ඊයේ (24) මහ බැංකු බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් කෝප් කමිටුව සකස් කළ වාර්තාව පිළිබදව පැවති විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.