පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ජේ්‍යෂ්ඨ නිලධාරීන්ගේ පුරප්පාඩු පිරවීම සදහා කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා. පුරාවිද්‍යාත්මක ස්ථානවල ආරක්ෂාව සහ පුරාවිද්‍යා කටයුතු පිළිබද පවතින බාධාවන් ඉවත් කර ඒවා විධිමත් කිරීම සදහා කඩිනම් පියවර ගන්නා ලෙසයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.
පුරාවිද්‍යා ස්ථාන හා පුරාවස්තු ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ (24) පස්වරුවේ පැවති සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් දී තිබෙනවා. උතුරු හා නැගෙනහිර පළාත්වල පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන හදුනා ගනිමින් ඒවායේ ආරක්ෂාව සදහා සුදුසු වැඩපිළිවෙලක් කි‍්‍රයාවට නැංවීම පිළිබදවද මෙහිදී සාකච්ඡවට ලක් වුණා. පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු ගිහි පැවිදි පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.