ඉදිරි වසර දෙකක කාලය සදහා අබුඩාබි සංවාදයේ සභාපති ධුරය විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරළට පිරිනැමීම ඊයේ (24) සිදු කෙරුණා. කොළඹදී එම උත්සවය පැවැත්වුණේ කුවේට්හි සමාජ කම්කරු හා ආර්ථික කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය හින්ද් සුභයි බරක් අල් සුභයිගේ ප්‍රධානත්වයෙන්.
ශී‍්‍ර ලංකාවට හිමි වූ මෙම අවස්ථාව පිළිබද අදහස් දැක්වූ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මෙහිදී කියාසිටියේ ශී‍්‍ර ලංකාව මානව හිමිකම් සුරක්ෂිත රටක් ලෙස ලෝකය පිළිගෙන ඇති බව මෙමගින් පැහැදිලි වන බවයි.