හබරණ, පොළොන්නරුව මාර්ගයේ ඊරිගේඔය පන්සල අසලදි රිය අනතුරක් සිදුකර පලාගිය නාවික හමුදා සාමාජිකයකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු ගමන්ගත් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් සැරයන්වරයෙකුගේ ශරීරයේ ගැටී ඇති බවයි පොලීසිය පැවසුවේ.
තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුර සිදුකළ මෝටර් රථය පැදවූ නාවික හමුදා සාමාජිකයා පලාගොස් තිබුණා. පසුව මොරගස්වැව පාසල අසලදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ. අත්අඩංගුවට ගැණුනු නාවික හමුදා සාමාජිකයා බීමතින් සිට ඇති බවද වැඩිදුර කෙරුණු විමර්ශනවලදි අනාවරණ වී තිබෙනවා.