Friday, December 27, 2024

General line - 0115112241

සටන් පාඨවලින් රට සංවර්ධනය කරන්න බැහැ




සටන් පාඨවලින් රට සංවර්ධනය කළ නොහැකි බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. රට විකුණා දමන බවට ඇතමුන් කරන ප‍්‍රකාශ පදනම් විරහිත බවයි අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ. සිව්වන යොවුන් පාර්ලිමේන්තුවේ පළමු සැසිය ආරම්භ කිරීම වෙනුවෙන් ජාතික තරුණ සේවා සභාවේ අද (25) පැවති උත්සවයක් අමතමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා.

එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා, ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්ද වැලිඅංගේ එක්ව සිටියා.