ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවක් යළි බිහි කිරීමේ අරමුණින් පළාත් ප‍්‍රධාන අමාත්‍යවරු ඉකුත්දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවූ බව මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක පවසනවා. ඇතැම් පිරිස් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජනපි‍්‍රයත්වයෙන් සිය පටු අරමුණු ඉටුකර ගනිමින් සිටින බවයි සරත් ඒකනායක සදහන් කළේ .
කලක් එක්සත් ජාතික පක්‍ෂය සමග එක්ව සිටි ඇතැම් පිරිස් මෙම සාකච්ඡාවේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රතිපත්ති පිළිබද කතා කිරීම සම්බන්ධයෙන්ද අදහස් පළ කළා. මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මෙම අදහස් පළ කළේ මහනුවරදී මාධ්‍යවේදීන් අමතමින්.