වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානය මධ්‍යම පරිසර අධිකාරිය ඉදිරිපිට අද (25) උදෑසන විරෝධතාවක නිරත වුණා. ඒ, කුඩා ජල විදුලි බලාගාර හේතුවෙන් මේ වනවිට විශාල පාරිසරික සහ සමාජීය ගැටලූ රැසක් මතුව ඇති බව පවසමින්.
මේ පිළිබදව බලධාරීන් දැනුවත් කළද ඊට මෙතෙක් විසදුම් ලැබී නොමැති බවයි වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානයේ කැදවුම්කරු ජයන්ත විජේසිංහ සදහන් කළේ.