පළාත් පාලන සීමා නිර්ණයන් පිළිබඳ ගැසට් නිවේදනය ලබන 31 වෙනිදාට පෙර නිකුත් කරන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසනවා.
ඔහු ඒ බව පැවසුවේ කොළඹදී අද (25) මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින්.
මේ අතර පළාත් පාලන මැතිවරණයේදී දූෂණයෙන් තොර හැකියාවන් සහිත සුදුසු තැනැත්තන්ට පමණක් නාමයෝජනා ලබාදෙන්නැයි මාර්තු 12 ව්‍යාපාරය සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිනවා.
ඒ සඳහා බලපෑම් කරන වැඩසටහනක් ඉදිරියේදී ආරම්භ කරන බවයි එහි කැඳවුම්කාර මණ්ඩලය වෙනුවෙන් රෝහණ හෙට්ටිආරච්චි කියා සිටියේ.
යෝජිත වැඩසටහන දිස්ත‍්‍රික් මට්ටමින් රටපුරා සංවිධාන කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.