මේ දිනවල රටේ ප්‍රබල මාතෘකාවක් බවට පත්ව ඇති කොස් කොළ සහ ක්‍රෝටන් කොළ ආහාර පිළිබඳව අමාත්‍ය රාජිත සේනාරත්න අදහස් පළ කළා.
එහිදී ඔහු පැවසුවේ කොස් කොළ හා ක්‍රෝටන් කොළ සම්බන්ධයෙන් කතාවක් පැවසූ නිලධාරියාගේ අමාත්‍යාංශය තමාට අයිතිව පැවතියේ නම් කොස් කොළ හා ක්‍රෝටන් කොළ මුලින්ම ආහාරයට ලබා දෙන්නේ එම නිලධාරියාටම බවයි.
ඒ අනුව “කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්නෙ කියලා තියෙන්නේ.. දැන් ඔන්න..ඔය වගේ මිනිහෙක් මගේ අමාත්‍යාංශයේ හිටියා නම් මම ඉස්සෙල්ලාම කොස් කොළයි ක්‍රෝටන් කොළයි කවන්නෙ ඔය මිනිහට.” යනුවෙන් ද පැවසුවා.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අද (25) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු ලෙසයි.