ශ්‍රී ලංකාව තුළ දෙමළ ඊළම නමින් වෙනම රාජ්‍යයක් පිහිටුවීමට විශ්වනාදන් රුද්රකුමාරන් නමැත්තෙකු කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තුවේදී අද (25) ප්‍රකාශ කෙරුණා.
ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලගේ ප්‍රශ්නයකට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ලබාදුන් පිළිතුරකදීයි.
කෙසේ වෙතත් අමෙරිකාව හෝ කිසිඳු යුරෝපා රටක් ඊට අවසරයක් ලබා දී නොමැති බවද මංගල සමරවීර අමාත්‍යවරයා අවධාරණය කළා.
උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා දිගින් දිගටම කළ චෝදනාවලට අමාත්‍ය මංගල සමරවීර මෙලෙස ප්‍රතිචාර දැක්වූවා.
“මම රුද්රකුමාරන්ගේ විදේශ ඇමති නෙමෙයි. මම සතුටුයි කියන්න..එල් ටී ටී ඊ ය යුද්ධ කරන කාලේ බෝම්බ පුපුරණ කාලෙත් එල් ටී ටී ඊ යට විරුද්ධව බය නැතුව කතා කළා. හැබැයි මම දැක්කෙ නැහැ එල් ටී ටී ඊ ය පරාජය වෙනකම් ඔබතුමා කට අරිනවා.”