දිවයිනේ සහ දිවයින වටා මුහුදු ප‍්‍රදේශවල තවදුරටත් වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල හා හම්බන්තොට දිස්ත‍්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වෙන්නේ.
මේ අතර ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට වඩා වැඩි තද වැසි ඇති වීමේ හැකියාවක් ද ඇති බව එම නිවේදනයේ සඳහන්.