ජාත්‍යන්තර රේගු දිනය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රේගුව සංවිධානය කළ උත්සවයක් අද (26) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා රේගු ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.
රේගු නිලධාරීන් වෙත ලෝක රේගු සංවිධානයේ කුසලතා සහතික පිරිනැමීමද මෙහිදී සිදු කෙරුණා.
තමන් ජනාධිපති වූ පසු වංචාව, දූෂණය, නාස්තිය ගැන රට තුළ විශේෂ කතාබහක් ඇතිවූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම උත්සවය අමතමින් සඳහන් කළා.
ගෙවීගිය දෙවසරක කාලය තුළදී රටේ ආර්ථිකය දියුණු කිරීමට විශාල වැඩකොටසක් සිදුකර තිබෙන බවද ජනාධිපතිවරයා එහිදී පවසා සිටියා.