Friday, April 19, 2024

General line - 0115112241

හැරී පොටර් චිත‍්‍රපට මාලාවේ රඟපෑ සර් ජෝන් හන්ට් මියයයි




සුප‍්‍රකට හැරී පොටර් චිත‍්‍රපට මාලාවේ නළුවෙකු මෙන්ම බි‍්‍රතාන්‍යයෙන් බිහි වූ අග‍්‍රගණ්‍ය නළුවෙකු වන සර් ජෝන් හන්ට් මියගොස් තිබෙනවා.

මිය යනවිට ඔහු 77 වන වියේ පසුවූ බවයි හන්ට්ගේ නියෝජිතයා තහවුරු කර ඇත්තේ.

සර් ජෝන් හන්ට් 2015 වසරේ දී සිය අවසන් චිත‍්‍රපටය සඳහා දායකත්වය ලබා දුන් බව විදෙස් මාධ්‍යයන්හි දැක්වෙනවා.

‘‘ ද එලිෆන්ට් මෑන්’’ චිත‍්‍රපටය වෙනුවෙන් ඔහු හොඳම නළුවාට හිමි බැෆ්ටා සම්මානය දිනා ගත්තා. නාට්‍ය ක්ෂේත‍්‍රයට කළ මෙහෙය අගයමින් 2015 වසරේදී ඔහුට නයිට් පදවියක් ද පිරිනැමුණා.

දිගු කලක සිට ඔහු පීඩා විඳි පිළිකාවක් හේතුවෙන් මරණය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

harry-potter-ollivander-john-hurt johnhurt-cancer1

sir jhone hunt